නයිජීරියාවේ යාඥා අතරතුර මුස්ලිම් පල්ලියක් කඩා වැටෙයි

නයිජීරියාවේ සරියා නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියක්, පසුගිය සිකුරාදා පැවැත්වූ යාඥා මෙහෙයක් අතරතුර දී කඩා වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී පල්ලිය තුළ සිය ගණනක් බැතිමතුන් සිට ඇති අතර දැනට පුද්ගල මරණ 7 ක් පමණ වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කඩා වැටෙන ලද මෙම පල්ලිය සියවසකට වඩා පැරණි යැයි සැලකෙන බවත්, සිදුවීමට පෙර බ්‍රහස්පතින්දා දිනයේ පල්ලියේ එක් බිත්තියක ඉරිතැලීමක් සොයා ගත් බවත් එම ප්‍රදේශයේ එමීර්වරයා ප්‍රකාශ කර තිබෙනවා.