ජලාශ 73 න් 62 ක ජල ධාරිතාව ගොඩක් අඩුවෙයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 73 හි ජල මට්ටම දැඩි ලෙස අඩුවී තිබෙනවාවාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ සුදර්ෂණී විදානපතිරණ පැවසුවේ සියයට 50 ඉක්මවා ජල ධාරිතාවක් ඇත්තේ ජලාශ 11ක පමණක් බවයි.

ජලාශවල දීර්ඝ කාලීනව පැවති ජල ධාරිතාව අධ්‍යයනය කිරීමේදී මෙම වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල ධාරිතාවේ අඩුවක් දැකිය හැකි බවයි ඇය සඳහන් කළේ.