ඊයේ දිනයේ වැඩිම උෂ්ණත්වය වවුනියාවෙන්

ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7 ක් ලෙස වවුනියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එසේම අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12.6 වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මොණරාගල දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර එය මිලිමීටර 63.7 ක් ලෙස සටහන් වී තිබෙනවා.