ගෝලීය වායු දුෂණය පිළිබඳ ස්විට්සර්ලන්ත සමාගමක් වන IQAir ආයතනය පවසන පරිදි ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය ලෝකයේ වඩාත්ම දූෂිත වායුගෝලය සහිත නගරය බවට පත් වී තිබෙනවා.
ඒ ජකර්තා හි PM2.5 ලෙස හඳුන්වන කුඩා අංශු වල සාන්ද්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද මට්ටම් වලට වඩා බොහෝ වැඩි මට්ටමක පැවතීමත් සමඟය.
ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ප්‍රකාශ කරන තිබෙන්නේ මෙම වායුගෝලීය දූෂණ තත්ත්වය අවම කිරීමේ එක් පියවරක් ලෙස ජකර්තා හරහා සැලසුම් කරන ලද මෙට්‍රෝ දුම්රිය සේවාව කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්න බවත්, ලබන වසරේ දී රටේ අගනුවර බෝර්නියෝ දූපතේ නුසන්තාරා වෙත ගෙන යාමට සූදානම් වන බවත් ය.
මිලියන 30 ක පමණ ජනගහනයක් වෙසෙන මෙම නගරයේ කර්මාන්තශාලා වලින් පිටවන දුමාරය, ගල් අඟුරු බලාගාර සහ මාර්ග තදබදය හේතුවෙන් මෙම වායුගෝලීය දූෂණ තත්ත්වයන් වැඩි වී ඇති බවයි එරට වැසියන් චෝදනා කරන්නේ.

