කරුණු තුනක් සම්බන්ධයෙන් යම් එකඟත්වයකට පැමිණි පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
දිස්ත්රික් සමානුපාතික ක්රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පළාත් සභා සඳහා තරඟ කිරීමට අයිතිය ලබා දීම, කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්රමාණයක් දක්වා ඉහළ දැමීම එම කොන්දේසි ලෙස දක්වා තිබෙනවා.
මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවයක් ලබා ගත යුතු බවත්, පසුව පාර්ලිමේන්තුවේ එකඟත්වය මත පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවත්, ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කරනු ලැබුවා.

