රත්රන් මිලේ ඉහළ යාමක්

අද දිනයේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙන බව වෙළඳපොල දත්ත වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය සතියේ රුපියල් 157,000 ක් ව පැවති කැරට් 22 ක රන් පවුමක මිල අද දිනයේ රුපියල් 161,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම 172,000 ක් ව පැවති කැරට් 24 රත්රන් පවුමක මිල අද රුපියල් 175,000 ක් ලෙස සටහන් වී තිබෙනවා.