මේ වන විට සිනමාවෙන් ඈත්ව සිටියත් ශිල්පා ෂෙට්ටි කියන්නේ බොලිවුඩයේ ඉතා ජනප්‍රිය තාරකාවක්.
පසුගිය දා ඇය දෙවන වරටත් මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ බව බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තාකරනවා.
අලුත උපන් දරුවා ගැහැණු දරුවකු වන අතර ඇයට නම් තබා ඇත්තේ ශමිෂා ෂෙට්ටි කුන්දර් ලෙස බවයි වාර්තාවන්නේ.
ඉන්දීය රූපවාහිනි රියැලිටි වැඩසටහන් කිහිපයකම විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ශිල්පා කෝටිපති ව්‍යාපාරිකයකු වන සුරේෂ් කුන්දර් සමඟ 2009 වසරේදි විවාහ ගිවිස ගත්තා.



