කේරල ගංජා කිලෝ 320ක් සමඟ අයෙක් අල්ලයි

ජයපුරම්, වලේපාඩු ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු විසින් ටිපර් රථයකින් කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටින බවට කිලිනොච්චිය යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. 

අනතුරුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අදාල වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 320 ක තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත. 

සැකකරු 46 හැවිරිදි වව්නියාව, බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. 

සිද්ධිය සම්බන්ධයෙන් ජයපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.