රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක්

ජාතික ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව කථානයාක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී තිබෙනවා.

හතළිස් වැනි අධිකාරියේ සඳහන් මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.