කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට මේ වන විටත් දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරනවා.
ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමට ද කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

