අන්දමන් සහ නිකොබාර් දූපතේ ඩිග්ලිපූර් සිට කිලෝමීටර් 150ක් උතුරින් රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.
ඉන්දියානු සම්මත වේලාවෙන් 12.53 ට පමණ ඇති වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඇති වී තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන්නේ.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ද අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 4.3 ක භූමිකම්පාවක් වාර්තා වී තිබුණා.

