අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපතේ ඩිග්ලිපූර් සිට කිලෝමීටර් 150ක් උතුරින් රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

ඉන්දියානු සම්මත වේලාවෙන් 12.53 ට පමණ ඇති වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඇති වී තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ද අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 4.3 ක භූමිකම්පාවක් වාර්තා වී තිබුණා.