නැවත විදුලි ගාස්තු සංශෝධනයක් නොවන බව ඇමති කියයි

විදුලි ගාස්තුව යළිත් සංශෝධනය කිරීමක් මේ මාස කිහිපය තුළ කිසි ලෙසක සිදු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

සෑම වසරකම ජනවාරි සහ ජූලි යන මාස වල දී පමණක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එසේම කිසිදු විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයිනේ සෑම ප්‍රදේශයකට විදුලිය සැපයීමේ සැලැස්මක් ද ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.