පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය වන 119 හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ ලෙස එම දුරකථන අංකය අවභාවිතා කරන අයට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බව යි.
පැය 24 පුරා ක්‍රියාත්මක 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේ දී සිදුවන බාධා හා ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

