අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා දැනුම් දී තිබෙනවා.
මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට පෙර පවසා තිබුණා.
මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල මෙට්රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

