සාගරයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි

සාමාන්‍ය දෛනික සාගර මතුපිට උෂ්ණත්වය මේ සතියේ සෙල්සියස් අංශක 20.96 ක් තරම් වූ ඉහළ අගයක් ගෙන ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස සේවාව වාර්තා කරනවා.

එය මින් පෙර වැඩිම සාගර උෂ්ණත්වය වාර්තා වී තිබුණු 2016 වසරට වඩා ඉහළ අගයක් වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එම ආයතනය පවසන්නේ සාගරය යනු ඔක්සිජන් නිෂ්පාදනය සඳහා 50% කට වඩා වැඩි දායකත්වයක් ඇති වැදගත් පරිසර පද්ධතියක් බවත් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළ යාම ඉතා අහිතකර බලපෑම් ඇති කර හැකි බවත් ය.

උණුසුම් ජලයට කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාව අවම නිසා මෙලෙස සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම තව තවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු විය හැකි වෙනවා.