2023 වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය ඍණ අගයක් ගත්තද, තුන්වන සහ හතරවන කාර්තුවල දී එය ධන අගයක් බවට පත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා.
විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් ආර්ථිකය යහපත් දිශානතියකට පත් වී තිබීම ඊට හේතු වී ඇති බවයි මහා බැංකුව පෙන්වා දෙන්නේ.
එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් වූ පසු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ද ස්ථාවර වෙනු ඇති බවයි මහා බැංකුව පෙන්වා දෙන්නේ.

