LPL හරහා ළමා රෝහලට පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අරමුදලට රුපියල් මිලියන 1.8 ක මුදලක් පරිත්‍යාග කොට තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සෑම 6 පහරකටම රුපියල් 6,000 බැගින් ද, 4 පහරකට රුපියල් 4,000 බැගින් ද, නිලකුණු පන්දුවකට රුපියල් 2,000 බැගින් ද ළමා රෝහලේ අරමුදලට බැර කිරීමට අපේක්ෂා කරන බව ට ක්‍රිකට් ආයතනය විසින් මින් පෙර සඳහන් කර තිබුනා.

ඒ අනුව තරඟාවලියේ මෙතෙක් නිමා වූ තරඟ 05 ට අදාලවයි මෙලෙස මෙම මුදල රෝහල වෙත පරිත්‍යාග කොට ඇත්තේ.