සැප්තැම්බර් මාසයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම්

ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ හරහා 2024 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව වර්ධන මාවතකට යොමුකිරීමේ පදනම සකස් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තරය ගැන අවධානය යොමුකරන, තිරසාර, පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය හිමිවන දීප්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ලෙස, ශ්‍රී ලංකාවේ හැකියාවන් විදහාපෑම සඳහා දොරටු විවෘත කිරීම රජයේ දැක්ම බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.