2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අදාළ ප්‍රයෝගික පරික්ෂණයන් ලබන අගෝස්තු 5,6,7 යන දිනවල දී දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වීමට නියමිතව ඇත.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර එම පාසල් වල විදුහල්පතිවරුන්ට ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඔවුන් ලබා දී ඇති ලිපිනයන්ට ද තැපැල් මඟින් මේ වන විට ලැබීමට සලස්වා ඇති බව දැනුම් දෙනවා.
එම අයදුම්පත් නොලැබුණු යම් අපේක්ෂයකයෙක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුලත් කිරීමෙන් ද විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගත හැකි වෙනවා

