අපනයන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහතට

2023 වසරේ පළමු අර්ධයේ දී මෙරට අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ජනවාරි සිට ජුනි දක්වා වූ මාස හයක කාලය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 5.87 ක් දක්වා 10% කින් පහත වැටී ඇති අතර එත් සමඟම ආනයන වියදම ද අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙස 18.6% කින් පහත වැටී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන ප්‍රධාන වෙළෙඳපොළ වෙත ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම අඩුවීම මෙලෙස අපනයන ආදායම අඩු වීමේ මූලික හේතුව ලෙසයි මහා බැංකුව සඳහන් කරන්නේ.

එසේම පසුගිය ජුනි මාසයේ ආනයන වියදම 11.6% කින් ඉහළ ගොස් ද, අපනයන ආදායම 19.5% කින් පහත වැටි ද තිබෙන බවයි අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.