රත්රන් මිල අඩු වෙයි

අද දිනයේ වෙළඳපොලේ රත්රන් මිල ගණන් අඩු වී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිරීක්ෂණය කළ හැකි වෙනවා.

ඒ අනුව මීට පෙර රු. 156,300ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද රු. 154,500 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එසේම රු. 169,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද රු. 167,000 ක් ලෙස අඩු වී තිබෙනවා.