ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (01) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් දැනුම්දුන්නේය.

ඒ මහතා මියයන විට 68 වන වියෙහි පසුවුණි.