දැනට ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නොකිරීමට තීරණයක්

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් අවධාරණය කරනවා.

මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බවයි අදාල සංගම් පෙන්වා දෙන්නේ.