තවත් ඉන්දියවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 7 ක් ඉදිරි සතියේ සතොස සහ සුපිරි වෙළඳසල් වෙත නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරනවා.
එසේම මෙලෙස නිකුත් කරන ලද ආනයනික බිත්තර කල් ඉකුත් වීමේ අවදානමක් ඇති වන බවට පලවන වාර්තා අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ මෙම ආනයනික බිත්තර නිසි ප්‍රමිතියකට ගබඩා කර නොතැබීම හේතුවෙන් මේ වන විට වෙළඳසල්වලට බෙදා හරිනු ලබන ඇතැම් බිත්තර නරක වී ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කළ චෝදනාවකට පිළිතුරක් ලෙස ය.

