යුක්රේන ප්‍රහාර හමුවේ රුසියානු ගුවන්තොටුපොළක් වසා දමයි

ඉරිදා අලුයම කාලයේ දී රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි දෙකකට සුළු අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම ප්‍රහාරය හේතුවෙන් මොස්කව් හි දකුණු ප්‍රදේශයේ පිහිටි Vnukovo ගුවන්තොටුපොළ කෙටි වෙලාවකට වසා දමන ලද අතර මොස්කව් සහ ඊට ආසන්නයේ වූ ප්‍රදේශ වල අහසේ ගුවන්යානා පියාසර කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.