2024 පළමු පාසල් වාරය පෙබරවාරි 21 දා

2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.

එසේම 2024 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.

විදුහල්පතිවරුන්ට පාසල්වල මූල්‍ය හා පරිපාලන කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ දැනට සිටින සංවර්ධන නිලධාරීන් අතරින් 12,000 ක පමණ පිරිසක් නව සේවා ව්‍යවස්ථාවක් සහිත කාර්යය මණ්ඩලයක් ලෙස පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාවට අනුව පත් කිරීමට ද පියවට ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.