මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ වෙයි

මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන අගෝස්තු 31 වන දා දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ කොමිෂන් සභාව 2021 වසරේ ජනවාරි 20 වන දා පිහිට වූ අතර එහි නිල කාලය මේ මස 21 වන දා යින් අවසන් වීමට නියමිතව තිබිණි.