සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස දෙකක කාලයක් සඳහා නොකපනා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය සහතික වී තිබෙනවා.
එසේම රෝහලේ හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 120 ක මුදලක් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වෙන රෝහල්වල විදුලි බිල්පත් ගෙවීමේ දී මාස 04 ක 05 ක පමණ හිඟයක් ඇති වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එම හිඟ මුදල් මාස දෙකක් ඇතුලත ගෙවා දමා ඉන් අනතුරුව සෑම මාසයකම විදුලි බිල නියමාකාරයෙන් ගෙවිය යුතු බවටත්, ඒ සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය හරහා නිසි ආකාරයෙන් ලබා දෙන බවට සහතිකයක් ලබා තිබෙන බවටත් ඔහු පවසනවා.

