2024 වර්ෂය සඳහාත් නියමිත පරිදි පාසල් මිල ඇඳුම් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ චීන තානාපති කාර්යාලය ඒකාබද්ධව ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි සඳහන් කරන්නේ.
එසේම 2024 වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කිරීමේ මූලික කටයුතු රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ආරම්භ කර ඇති බවත් පෞද්ගලික අංශයෙන් කෙරෙන පෙළ පොත් මුද්‍රණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීමේ කටයුතු ද සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
තවද පාසල් ළමයින්ගේ දිවා ආහාර වැඩසටහනට අදාලව 2024 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගෙවීම් සිදු කර ඇති බවත් ඉදිරි ගෙවීම් කටයුතු ඒ ඒ පළාත් සභා මඟින් මුදල් කොමිසමෙන් වෙන් කර ඇති මුදලින් සිදු කල යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

