ජපන් ජනගහනයේ විශාල පහත වැටීමක්

ජපානයේ ප්‍රාන්ත 47 න සෑම එකක්ම පාහේ 2022 වසරේ දී ජනගහනයේ පහත වැටීමක් වාර්තා කර තිබෙන අතර ඒ අනුව සමස්ත ජපානයේ ම ජනගහනය 800,000 කින් පමණ පහත වැටි ඇති බවයි වාර්තා වෙන්නේ.

ජපාන අගමැතිවරයා විසින් මෙම ජනගහනය පහත වැටීමේ ප්‍රවණතාවය අර්බුදයක් ලෙස හැඳින්වූ අතර එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනතාවට පොරොන්දු වී තිබෙනවා.

ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වල දැක්වෙන්නේ 2022 වසරේ දී ජපානයේ උපත් 771,000 ක් සිදු ව ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව මිලියන 1.56 කාට වඩා ඉහළ බවයි.

සැලකිය යුතු කාලයක සිට ජපානයේ අලුත උපන් දරුවන්ගේ සංඛ්‍යාව 800,000 ට වඩා පහත වැටි ඇති පළමු අවස්තාව මෙය බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.