ශ්‍රී ලාංකිකයන් 62ක් කුවේට් වලින් පිටුවහල් කරයි

නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවික සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඉන් 59 දෙනෙකු ගැහැණු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් ය.

මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳීසිටිමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බවයි කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.