ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන සඳහා පනවා තිබූ තහනම මෙලෙස මෙම ගැසට් නිවේදනය හරහා ඉවත් කර තිබෙනවා.
2021 වසරේ අප්‍රේල් මස 13 වන දින ජාතික ආරක්ෂාව, මහජන සාමය හා නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස ඉහත නම් කරන ලද සංවිධාන ද ඇතුළත්ව සංවිධාන 11 තහනම් කරනු ලැබුවා.

