කැළෑ ප්රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිමය ක්රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ කරනවා.
කැළෑබද ප්රදේශ හරහා වැටී ඇති මහමාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින අතර එය එම මාර්ගවල ගමන් කරන වාහන වලට බාධාවක් වී තිබෙනවා.
එසේම පුද්ගලික විදුලි වැටක් ඉදිකරන්නේ නම් එය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට අනුව පමණක් සිදුකළ යුතු බවත් එසේ නොවන විදුලි වැටවල් සඳහා නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

