රජයේ මිනින්දෝරු නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගත වී ඇති භෞතික මානව හා සම්පත් ගැටළුවට මෙන්ම මිනින්දෝරු වෘත්තීයේ ද ඇති වී ඇති ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
මෙම ගැටළු සම්බන්ධයෙන් මීට සතියකට පමණ පෙර ඉඩම් අමාත්‍යවරයාව සහ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාව දැනුවත් කළ ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා.
මෙම ක්‍රියාමාර්ගය සඳහා ද කිසිදු පිළිතුරක් අදාළ අංශ විසින් ලබා නොදුන්නේ නම් යළිත් අගෝස්තු 02 වන දා ත් අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹ දී උද්ඝෝෂණයක් ද සංවිධානය කිරීමට යොමු වන බවයි රජයේ මිනින්දෝරු සංගමය සඳහන් කරන්නේ.

