ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුලුමගෙයි හි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටවෙන බවට දැනුම් දෙනවා.

ඒ අනුව පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නවය හමාරක කාලයක් ජල සැපයුම අත් හිටවෙනු ලබනවා.