දැඩි වියළි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ගිනි ගැනීම් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.
එසේම ඇතැම් පිරිස් විසින් මෙම රක්ෂිත වල හිතාමතාම ගිනි තැබීම ද සිදු කරන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
රක්ෂිත ගිනි ගැනීම සම්බන්ධයෙන් යම්කිසි තොරතුරු ඇත්නම් 117 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

