සෑම පැය 08 කට වරක් ම දියේ ගිලීමෙන් 03 දෙනෙක් මරුට

ශ්‍රී ලංකාවේ සෑම පැය 08 කට වරක් ම දියේ ගිලීම නිසා පුද්ගලයින් 03 දෙනෙක් මරණයට වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැලැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කරනවා.

ලෝකයේ දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ බොහොමයක් වයස අවුරුදු 1 ත් 10 ත් අතර ළමා මරණ වුවත් ලංකාවේ දියේ ගිලීම නිසා මිය යන පිරිසකගෙන් බහුතරය අවුරුදු 20,21 වයස ඉක්මවූ තරුණ හා වැඩිහිටි පිරිස් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අදට දී තිබෙන ලෝක දියේ ගිලීම් අනතුරු වැළක්වීමේ දිනයට සමගාමිව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවකට එක වෙමින් වෛද්‍යවරයා මේ පිළිබඳව පැවසුවා.