විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් කරයි

ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට මහා බැංකුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා බාහිර ප්‍රේෂණ වල සීමා කිහිපයක් ලිහිල් කරමින් සහ විගමනිකයන්ගේ වත්කම් මාරුවීම්වලට පනවා තිබූ සීමාවන් ඉවත් කරමින් නියෝගයක් නිකුත් කර ඇති බවයි ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරන්නේ.

මෙම සීමාවන් ලිහිල් කිරීම 2023 වසරේ ජූලි මස 28 දින සිට මාස 06 ක කාලයක් දක්වා වලංගු වෙනවා.