ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා ජූලි 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ආරාධනා කර ඇති බව වාර්තා වෙනවා.

එම සර්වපාක්ෂික සමුළුවේ දී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.