ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අත හැරීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අද පස්වරුවේ දුම්රිය සාමාන්‍යධිකාරී W.D.S. ගුණසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුවයි.
පැය 20 ක කාලයක් පැවති මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 80 අවලංගු කිරීමට සිදු වුනු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
නව දුම්රිය සේවා වාර කිහිපයක ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ සහ අද දිනයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරනු ලැබුවා.

