වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සැපයීම ජුලි 28 වනදා සිට ජූලි 31 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එම කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ අංක 53 දරණ ස්ථානයේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබන අතර එය කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, අංක 79 යන ලිපිනයේ පිහිටි ගොඩගිලි පරිශ්රයකට ගෙන යෑමට නියමිත බැවින් මෙලෙස තාවකාලිකව සේවා අත්හිටුවා තිබෙනවා.
හදිසි සේවාවන් Online ක්‍රමයට පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි එම කාර්යාලය නිවේදනය කරන්නේ.
ඒ අනුව http://dgms@sltnet.lk, http://dmsmos@slt.lk, http://shippingooffice@slt.lk, http://visashipping@yahoo.com, http://newcdc2022@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපින හරහා අදාළ කටයුතු සිදු කර ගත හැකි වෙනවා.
එමෙන්ම 070 110 7788 යන දුරකථන අංකයට WhatsApp ඔස්සේ පණිවුඩයක් යොමුකිරීමෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි එම කාර්යාලය දැනුම් දෙන්නේ.

