ඊලෝන් මසක් Twitter ලාංඡනය වෙනස් කිරීමට සුදානම් වෙයි

“If a good enough x logo is posted tonight, we’ll make go live worldwide tomorrow.”

“And soon we shall bid adieu to the twitter brand and, gradually, all the birds”

අද දිනයේ සිය Twitter ගිණුමේ tweet මාලාවක් ඔස්සේ Twitter හි ලාංඡනය “x” ලෙසට වෙනස් කරන බවත් ඉක්මනින් Twitter වෙළඳ නාමයට සහ සියලුම කුරුල්ලන්ට සමු දෙන බවත් Twitter හි වර්තමාන හිමිකරු වන Elon Musk සඳහන් කර තිබෙනවා.

එසේම කළු හා සුදු Emoji දෙකක් යොදා ගෙන සැකසු Poll එකක් ඉදිරිපත් කරමින් පරිශීලක මත විමසුමක් ද ඔහු සිදු කර අතර ඊට පෙර එහි “Paint it Black” එනම් එය කළු පැහැයෙන් වර්ණ ගන්වන ලෙස ද පළ කර තිබෙනවා.

තවද Elon Musk විසින් සිය ව්‍යාපාරයේ නම ද “X Corp” ලෙස මෑතක දී වෙනස් කරන ලද අතර එහි දී ඔහු ප්‍රකාශ කලේ එය මිට බොහෝ කලකට පෙර සිදු කළ යුතුව තිබ්බක් බවයි.

විචාරකයින් පවසන්නේ චීනයේ WeChat යෙදුමට සමාන “X” නම් නව සුපිරි යෙදවුමක් නිර්මාණය කිරීමට Elon Musk ට අවශය වී ඇති බවයි.

කෙසේවෙතත් Twitter ආයතනයේ වෙළඳ ප්‍රචාරණ ආදායම් 50% කින් පහත වැටි ඇති බවත්, එය බංකොලොත් වීමේ යම් අවදානමක් මතු වී ඇති බවත් Elon Musk විසින් මෙම මස මුල දී අනාවරණය කරනු ලැබුවා.