දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබෙනවා.
ඒ අනුව අද රාත්රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති අතර හෙට දිනයේ උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමට සිදු වී තිබෙන බවයි දුම්රිය රියදුරු සංගමය සඳහන් කරන්නේ.
දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙලෙස දුම්රිය රියදුරන් විසින් වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

