රජය සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවට ඇමති කියයි

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

අදපෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බව යි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ.

එසේම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතිනවා.

ඊට අමතරව ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,173ක්ද එම මොහොත වන විට රජය සතු වී තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ රජය සතු ඉන්ධන සංචිතයේ යම් අඩුවීමක් තිබුණ ද එය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.