මෛත්‍රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට යයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට එනම් ජූලි 23 වන දා පැවැත්වෙන කාම්බෝජ මහා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස එක වීමට නියමිතව් තිබෙනවා.

එසේම දින තුනක කාලයක් පුරා කාම්බෝජයේ නොම්පෙන් හි දී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව සඳහා ද මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත ය.

ලෝක සාම සමුළුවේ ආරාධනයට අනුව යි හිටපු ජනාධිපතිවරයා පසුගිය 21 වන දා කාම්බෝජය බලා පිටත් වුනේ.