ලබන වසර මුල දී ජනාධිපතිවරණයක්

2024 වසරේ මුල් කාර්තුවේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා.

ස්වාධින මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපතිවරයා ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි දී ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබන වසරේ අයවැය ලේඛනයට ඇතුළත් කර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගත යුතු බවයි පෙන්වා දී ඇත්තේ.

එසේම අදාළ ඇස්තමේන්තු සකස් කර කඩිනමින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා..