ඇමරිකාවෙන් තවත් යුධ ආධාර පැකේජයක්

රුසියාවට එරෙහි සටනේ දී යුක්රේනයට තවත් යුධ ආධාර පැකේජයක් ලබා දීමට ඇමරිකාව තීරණයට කර තිබෙනවා.

කාලතුවක්කු, ගුවන් ආරක්ෂක මිසයිල, ගොඩබිම් වාහන සහ යුධ ටැංකිනාශක වලින් සමන්විත ඩොලර් මිලියන 400 ක් පමණ වටිනා මෙම යුධ ආධාර පැකේජය ලබන අඟහරුවාදා වන විට ප්‍රකාශයට පත් කරන බවයි ඇමරිකාව සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙවර ආධාර පැකේජයට පොකුරු බෝම්බ ඇතුලත් නොවන බවයි ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

මෙය ඇමරිකාව විසින් යුක්රේනයට ලබා දුන් 43 වැනි යුධ ආධාර පැකේජය වෙනවා.

2022 වසරේ ජනවාරි 24 වන දා සිට 2023 වසරේ මැයි 31 දා දක්වා ඇමරිකාව විසින් ඩොලර් බිලියන 76.8 ක ආධාර තොගයක් යුක්රේනය වෙත ලබා දී ඇති අතර ඉන් 5% ක් මානුෂිය ආධාර ද, 34% මූල්‍ය ආධාර ද, 46.6% ක් යුධ ආධාර ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.