පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයි

12 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක වෙමින් සඳහන් කරනු ලැබුවා.

මෙම හමුව ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවස වන නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී පැවැත් වී තිබෙනවා.

පසුව පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක වෙමින් ක්ෂේත්‍ර 05ක් ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ද එලි දක්වනු ලැබුවා.

එයට අනුව ගනුදෙනු පියවීම සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල භාවිතා කිරීමට, වෙළඳාම් සහ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් ක්‍රමයක් අනුගමනය කිරීමට මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා