කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,023.02ක් ලෙසට සටහන් වී තිබෙනවා.

එමෙන්ම අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1 ලෙස වාර්තා වී තිබෙනවා.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා ගොස් තිබුණේ 2022 මාර්තු මස 04 වනදායින් පසු අද දිනයේ වීම විශේෂත්වයකි.